The Way Home (2002) සිංහල හඬකැවූ චිත්රපටය: සැප පහසු නාගරික ජීවිතයකට හැඩගැසුණු, නිතරම පරිගණක ක්රීඩා සහ ක්ෂණික ආහාර වලට ඇබ්බැහි වූ අවුරුදු 7ක පුංචි දඟකාර පිරිමි ළමයෙක්… අනෙක් පසින් මුළු ජීවිතයම ඉතාමත් දුෂ්කර, පහසුකම් අඩු පිටිසර ගම්මානයක ගත කළ, කතා කිරීමට නොහැකි අහිංසක ආදරණීය මිත්තණියක්… මේ දෙදෙනා එකම වහලක් යටට ආවොත් කොහොම තියේවිද?
සැන්ග්-වූ (Sang-woo) කියන මේ නාගරික පුංචි ළමයට නොහිතපු විදිහට තමන්ගේ අම්මාගෙන් ඈත් වෙලා ටික කාලයක් ගත කරන්න වෙන්නේ කතා කරන්න බැරි මේ අහිංසක ආච්චිඅම්මා එක්ක ඈත ගමකයි. අන්තර්ජාලය, නවීන පහසුකම් තියා හරියට විදුලියවත් නැති මේ ගම්මානය ඇතුළේ ඔහු මුලින් කොයි තරම් නම් මුරණ්ඩු වෙනවාද? තමන්ට කන්න ඕනේ කරන දේවල් නොලැබෙද්දී ඔහු මේ අහිංසක ආච්චිඅම්මාට කොයි තරම් නම් කරදර කරනවාද? ඒත් ආච්චිඅම්මාගේ ඒ නිහඬ, අසීමිත සෙනෙහසින් මේ දඟකාර පුංචි දරුවාගේ හිත ටිකෙන් ටික වෙනස් වෙන්නේ කොහොමද? ලොව පුරා ප්රේක්ෂකයන්ගේ නෙතට කඳුළක් ගෙනාපු, හදවතට දැඩිව දැනෙන අතිශය සංවේදී සිනමා නිර්මාණයක් තමයි මේ තුළින් දිගහැරෙන්නේ. මීට කලින් ඔබ චිත්රපටයක් බලද්දී මේ තරම් සංවේදී වෙලා නැතුව ඇති.
කිසිදාක නොමැකෙන සුන්දර මතකයක් එක්ක අදටත් කවුරුත් ආදරය කරන මේ කතාවේ අවසානය මොන වගේ වේවිද? මේ ආදරණීය කතාව මඟහැරගන්නේ නැතුව දැන්ම බලන්න, The Way Home 2002 සිංහල හඬකැවූ චිත්රපටය ඉහළම (HD) ගුණාත්මක බවින් යුතුව කිසිදු මුදලක් නොගෙවා සම්පූර්ණයෙන්ම නොමිලේ නරඹන්න වගේම Download කරගන්න SrifliX Official අපිත් එක්ක අදම එකතු වෙන්න.
The Way Home 2002 Sinhala Dubbed |
Watch The Way Home 2002 Online |
The Way Home 2002 Direct Download |
The Way Home 2002 HD Stream |
집으로… Movie Download