Baby’s Day Out (1994) සිංහල හඬකැවූ චිත්රපටය: ‘බේබි බින්ක්’ (Baby Bink) කියන්නේ සල්ලිවලින් කිසිම අඩුවක් නැති, මහා මන්දිරයක සුරතලේට හැදෙන හුරතල්ම හුරතල් පුංචි දරුවෙක්. ඔහුට ඕන කරන හැමදේම අඩුවක් නැතුව ලැබෙනවා වගේම, ඔහුට තියෙන ආදරේට මුළු රටම දැනගන්න පුවත්පතක මුල් පිටුවේ ඡායාරූපයක් පළකරන්න ඔහුගේ කෝටිපති දෙමව්පියන් තීරණය කරනවා. හැබැයි මේ ලෝකෙ හැමෝම බේබි බින්ක්ගේ දෙමව්පියන් වගේ ආදරණීය අය නෙවෙයි. පුවත්පතේ ඡායාරූප ගන්න එනවා කියලා බොරුවට වෙස්වළාගෙන මන්දිරයට ඇතුළු වෙන්නේ දරුණු, හැබැයි ටිකක් මෝඩ අපරාධකාරයෝ තුන්දෙනෙක්!
එයාලගේ එකම අරමුණ මේ කෝටිපති පුංචි දරුවාව පැහැරගෙන ගිහින් විශාල කප්පම් මුදලක් ලබාගන්න එකයි. එයාලා සැලසුම් කළා වගේම කිසිම අමාරුවක් නැතුව බේබි බින්ක්ව පැහැරගෙන යන්න එයාලට පුළුවන් වෙනවා. හැබැයි එයාලා හීනෙකින්වත් හිතුවේ නැති දේ තමයි එතනින් පස්සේ සිද්ධ වෙන්නේ. කප්පම් ගන්නවා තියා, පැහැරගත්ත මේ පුංචි දරුවාව එක තැනක තියාගන්න එක මේ අපරාධකාරයෝ තුන්දෙනාට ලෝකෙ තියෙන අමාරුම වැඩේ බවට පත්වෙනවා!
තමන්ගේ ආසම කතා පොතේ තියෙන විදිහට ඇවිදින්න ආසාවෙන් ඉන්න බේබි බින්ක්, මහා නගරය පුරා තනියම ඇවිදගෙන යන ගමන් මේ මහා අපරාධකාරයෝ තුන්දෙනාටම දවල් තරු පෙන්වන්න පටන් ගන්නවා. පුංචි දරුවෙක් වුණත් මේ අයට වඩා හැමතිස්සෙම පියවරක් ඉස්සරහින් ඉන්න බින්ක්ව අල්ලගන්න දඟලන මේ තුන්දෙනාට මූණ දෙන්න වෙන්නේ බඩ අල්ලගෙන හිනාවෙන්න පුළුවන්, හිතාගන්නවත් බැරි අකරතැබ්බ ගොඩකටයි. එක පැත්තකින් මුළු නගරයේම පොලිසිය, අනිත් පැත්තෙන් කපටි පුංචි දරුවා.. මේ මෝඩ අපරාධකරුවෝ තුන්දෙනාට අවසානයේ රෝහල්ගත වෙන්න සිද්ධ වෙයිද? පවුලේ සැමටම එකට ඉඳගෙන මුල ඉඳන් අගටම බඩ අල්ලගෙන හිනාවෙන්න පුළුවන්, ලොවපුරා අතිශය ජනප්රිය වුණු මේ සුපිරිම හාස්යෝත්පාදක චිත්රපටය මඟහැරගන්නේ නැතුව දැන්ම බලන්න, Baby’s Day Out 1994 සිංහල හඬකැවූ චිත්රපටය ඉහළම (HD) ගුණාත්මක බවින් යුතුව කිසිදු මුදලක් නොගෙවා සම්පූර්ණයෙන්ම නොමිලේ නරඹන්න වගේම Download කරගන්න SrifliX Official අපිත් එක්ක අදම එකතු වෙන්න.
Baby’s Day Out 1994 Sinhala Dubbed |
Watch Baby’s Day Out 1994 Online |
Baby’s Day Out 1994 Direct Download |
Baby’s Day Out 1994 HD Stream |
Baby’s Day Out Movie Download
| Options | Quality | Size | Added |
|---|---|---|---|
| H.264 1080p | 1.59 GB | 2 weeks |